News

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

හදිසි නීති රේගුලාසී තවත් මසකින් දීර්ඝ කර තිබේ.

මේ සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කෙරිණි.

ජනාධිපතිතුමා වෙනුවෙන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය කර ඇත.

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑමට මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව අදාල ගැසට් නිවේදනයේ සදහන්.