News

ජනපතිවරණයට ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනවා නම් අපේ සහය දෙනවා

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඊයේ (23)දින ඒ මහතා එසේ සඳහන් කළ අතර එහෙදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය

වතුකරයේ ජනතාවට පමණක් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එතුමා ලංකාවේ සියලුම ජනතාවට උදවු කළා. විවිධ වැඩ කොටස් රැසක් සිදු කළා. ගෙවල් හදලා දුන්නා. විසිපන් දහසක් ගුරුවරු පත් කළා. පාසල් ළමුන්ට දිවා ආහාරය මෙන්ම නිල ඇදුම් ලබා දුන්නා. ඒ වගේ විශාල වැඩ කොටසක් කරලා තිබුණා. එතුමා වගේ ජනාධිපති කෙනෙක් ආයේ මේ රටේ පත් වෙනවා නම් ඒ වගේ අයෙකුට සහයෝගය දෙන්න වතුකරයේ ජනතාව සුදානම් බව අපි කියන්න කැමැතියයිද” ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.