රාජිතට ජනපතිවරණයට තරඟ කිරීමට ඇරයුම්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්නැයි උන් වහන්සේ කී බවත් සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී ඇමතිවරයා තමා මුදල් උපයා නැති නමුත් මිනිසුක් හම්බ කරගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.
