හිටපු ආරක්ෂක ලේකම් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරේ
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් හිටපු හේමසිරි ප්‍රනාන්දු මහතා මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින ලබන 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවට දැනුම් දී තිබේ.
