News

මාරවිල දේවස්ථානයක් පිටුපස කැලෑවක තිබි ජීව උණ්ඩ තොගයක් සොයාගැනේ

මාරවිල නගරයේ කතෝලික දේවස්ථානයක් පිටුපස ලදු කැලෑවක තිබි ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව මාරවිල පොලීසිය කියයි.

පසුගිය 01 වැනිදා සවස පොලීසියට ලද දුරකතන ඇමතුමක් අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයා ගෙන ඇත.

මාරවිල වීදි පාරේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය පිටුපස ලදු කැලෑවක මෙම ජීව උණ්ඩ තිබී ඇත.එම ස්ථානයේ තිබී එස්.එල්.ආර්. වර්ගයට අයත් ජීව උණ්ඩ 02 ක්,මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 02 ක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ වලට සමාන ජීව උණ්ඩ 02 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

මේ අතර,වෙන්නප්පුව – ලුණුවිල පාලම අසල තිබී ජීව අත් බෝම්බයක් සොයා ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

ගිං ඔයේ මසුන් මැරීමට ගිය අයෙකු විසින් පොලීසියට කරන ලද දැණුම් දීමක් මත ජීව අත් බෝම්බය පොලීසිය විසින් සොයා ගෙන ඇත.පොලිතින් උරයක ඔතා ඇති එම ජීව අත් බෝම්බය ආරක්ෂක අංශ විසින් පාවිච්චි කරන එකක් බවට සැක කරන්නේ යැයි පොලීසිය කියයි.

පුත්තලම විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම ජීව අත් බෝම්බය නිශ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බවද පොලීසිය කියයි.

මෙම ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බය කව්රුන් විසින් මෙම ස්ථාන වලට ගෙනිවිත් දැම්මාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මාරවිල සහ වෙන්නප්පුව පොලීසි වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.