ඉදිරි මැතිවරණ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට තීරණය කළොත් එම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ ලෙස නම් කිරීමට එකගතාවය පළකර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.