News

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ “අයියා”ට චෙච්නියාවේදී ගරිල්ලා පුහුණුව

මාවනැල්ලේ බුදු පිළිම කඩමින් අන්තවාදී කණ්ඩායම්වලට නායකත්වය දුන් අයියා මලෝ දෙදෙනාගෙන් අයකු චෙච්නියානු ගරිල්ලා පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

අබ්දුල් සාහිඩ් නමැති මෙම අයියා මලෝ දෙදෙනාගෙන් වැඩිමලා තුර්කියට යවා තුර්කියෙන් චෙච්නියා ගරිල්ලන්ගේ පුහුණුව ලබාදී ඇති බවත් අනාවරණය වී ඇත.

මොහු ගරිල්ලා පුහුණුව සඳහා තුර්කියට යැවූ මුස්ලිම් අන්තවාදියා යුද හමුදාව මගින් කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී ඇතත් දීර්ඝ විමර්ශනයකින් තොරව පොලිසිය මගින් ඔහුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

මෙම ත්‍රස්තයා හා අයියා මලෝ කණ්ඩායම් පසුපස ජමාද් ඉස්ලාමීය සංවිධානය සිටින බවද අනාවරණය වී තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා