මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති ළමුන් ලක්ෂයකට වැඩි බව සමීක්ෂණයකින් හෙළිවෙයි
දිවයින පුරා අවුරුදු 18 ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස් දහසකට කට ආසන්න පිරිසක් හෙරොයින්, ගංජා, දුම්වැටි, මධ්‍යසාර ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති බව සමීක්ෂණයකින් හෙළිවී ඇත.
මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය හා පොලීසිය ඒකාබද්ධව සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වූ බව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ ජාතික අධිකාරියේ උපදේශක වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා සඳහන් කළේය.
මේ අතර දිවයින පුරා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් හෙරොයින්වලට ඇබ්බැහිවී ඇති බව එම සමීක්ෂණයෙන් අනාවරණ වූ බව ද වෛද්‍ය සමන්ත කිතලවාරාච්චි මහතා ප්‍රකාශ කළේ අතර තුන් ලක්ෂයකට අධික පිරිසක් ගංජා භාවිත කරන බව ඔහු සඳහන් කළේය.
සිදු කරන ලද සමීක්ෂණයට අනුව පුද්ගලයින් 24,211 ක් විවිධ වර්ගයේ මත්පෙති භාවිතයට පෙළඹි ඇති බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් වැඩිම පිරිසක් සිටිනනේ බස්නාහිර පළාතේ බවත් සඳහන් කළේය.
