විශේෂ පක්ෂ නායක රැස්විමක් අද පෙරවරුවේ
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්විමක් අද (08) පැවැත්වේ.
පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වෙන මෙම රැස්වීමේදී ලබන සිකුරාදා විවාදයට ගැනිමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇති.
දැනට මෙම පනත සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වි ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමෙන්තු විවාදය නොපැවැත්විම පිලිබදවද මෙහිදි සාකච්ජාවට ලක් කිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්බන්ධ පාර්ලිමෙන්තු විවාදය ලබන සිකුරාදා පැවැත්විමට නියමිතයි.
