News

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට යළි ක්‍රියාත්මකයි

තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 5 වැනි සිකුරාදා දිනයේ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.

පරිගණ පද්ධතියේ ඇති වූ එම දෝෂය යථාතත්ත්වයට පත් කර ගැනීමෙන් අනතුරුව අද සිට හැදුනුම්පත් එක්දින සේවාව යටතේ ලබා දීමට හැකියාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළේය.