වැල්ලවාය රණවරාව රක්ෂිතයේ ගින්නක් අක්කර 50 වඩා විනාශයි
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රණ්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ රණවරාව කදු රක්ෂිතයේ ඊයේ (07)පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී තිබේ.
ඊයේ (07) පස්වරුවේ හටගත් ගින්න අද (08) අලුයම වන විටත් තැනින් තැන සුළු වශයෙන් පවතින අතර ඊයේ රාත්‍රි වන විට උමාඔය ව්‍යාපෘතියේ ගිනිනීවිම් ඒකකය, වන සංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලිසිය එක්ව ගින්න පාලනය කිරීම සදහා එක් විය.
පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න පාලනය කිරීමට දැඩි බධා එල්ල විය. ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුනින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පල කර තිබේ.

