තද වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට නිවේදනයක්
සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව හෙට පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.