News

ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 263ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 263ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ ඊයේ (09) උදෑසන 6.00 සිට අද (10) උදෑසන 6.00 දක්වා කාලය තුළදීයි.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ විය.

ඒ අනුව පසුගිය 5වනදා සිට අද දින දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1763කි.