ඉන්ධන මිල පහළට
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහල දමා ඇති අතර, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් පහළ දැමීමත් සමග එහි නව මිල 159 ක් පමණ වේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් පහළ දමා තිබේ.
ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 104කි.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.
