News

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද වීමසීම අද

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද වීමසීම අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ දිනයේ ආරම්භ වු අතර අද දිනයේත් විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

අද පස්වරු 6.00ට එම විවාදයෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇති අතර ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යොජනාව සම්මත කර ගැනිමට ආණ්ඩු විරෝධි සියලු මන්ත්‍රිවරුන්ගේ සහය අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.