තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායකට ඇප
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ දිස්ත්රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශන වාර්තාවලින් හෙළිවන කරුණුවලට අනුව ඔහුට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කල ලිපියක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඇප නියෝගය ප්රකාශයට පත් කර ඇත.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කර ඇත.
