News

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල පිරිසෙන් 05ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල පිරිසෙන් පස් දෙනෙකු තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතුරින් කොළඹ ජාතික රෝහලේ රෝගීන් තිදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍යසමරකෝන් මහත්මිය පැවසුවාය.

එමෙන්ම මිගමුව රෝහලේ එක රෝගියෙකු නේවාසිකව සිටින බවත් එම තැනැත්තා අතක් සහ දෙපා අහිමිව සිටින බවත් රෝහල් නිලධාරියෙකු සඳහන් කළේය.

පාස්කු පුජාවට සහභාගී වූ පුද්ගලයෙක් අතුරින් තවත් එක අයෙකු කොළඹ පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බව කොළඹ අගරදගුරු පදවියේ සමාජ සේවා හස්තය සඳහන් කර සිටි.

මේ අතර මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලැබූ සියලුම රෝගීන් සුවය ලබා පිටව ගොස් සිටින බව රෝහලේ පරිපාලන නිලධාරියා පැවසිය.

තවද මෙඅ පාස්කු ප්‍රහාරයට ලක්වූ තරුණියක් බරපතල තත්ත්වයේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජිවිතක්සහයට පත්වුවාය.

ශිරන්තනි මානවඩු