News

ගිනිඅවි දෙකක් අස්ථානගතවීම නිසා පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ සේවය අත්හිටුවයි

ටී – 56 ගිනිඅවි දෙකක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතානගේ මහතාගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පසුගිය ජුලි මස 6 වන දින පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුගේ සේවය අත්හිටවූ බවයි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලබයි.