ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අනිද්දා පැය 9ක් ජල සැපයුම අත්හිටුවයි
ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට අනිද්දා දිනයේ පැය 9 ක කාලයක් අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව (19) වනදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය,වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්රාදේශීය සභා බල ප්රදේශවලට වන අතර වත්තල, පෑලියගොඩ, කටුනායක – සීදුව සහ ජාඇල නගර සභා බල ප්රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.
