කැළණිය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ට ලක්ෂ 40ක මුදල් තෑගි
අපරාධ මර්ධනයේදී රාජකාරිය නිසි ලෙස ඉටුකළ කැළණිය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සඳහා රුපියල් ලක්ෂ 40 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් ලෙස ප්රදානය කර ඇත.
කැළණිය කොට්ඨාශයේ පොලිස් ස්ථාන, දිසා අපරාධ කොට්ඨාශය සහ පෑලියගොඩ අධිවේගී මුරපොලේ නිලධාරීන්ට මෙලෙස මුදල් ත්‍යාග ප්රදානය කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර එහිදී නිලධාරීන් 143 දෙනෙකුට ත්‍යාග හිමිවීම විශේෂත්වයකි.
