අයහපත් කාලගුණය මැද මෙරට ධීවර බෝට්ටු පනහක් පමණ මහ මුහුදේ අතරමං වෙලා
මෙරට ලියාපදිංචි ධීවර යාත්‍රා පනහක් පමණ ඉන්දියාවත් මාලදිවයිනත් අතර ගැඹුරු මුහුදේ දැඩි සුළං තත්ත්වයට හසුව අනතුරුදායක තත්ත්වයකට පත්ව සිටින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා ඊයේ (19) පැවසීය.
යාත්‍රාවල ධීවරයන් 300කට වැඩිපිරිසක් මසුන් මැරීමට ජාත්‍යන්තර මුහුදට ගොස් සිටි සහ යමින් සිටි බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.
ගැඹුරු මුහුදේ රළු බව නිසා මෙම ධීවර යාත්‍රාවලට මෙරටට හෝ මාලදිවයින් දූපත්වලට යාමට නොහැකිව සිටින බවද මාලදිවයිනට ඔවුන් සිටින ස්ථානයේ සිට මුහුදු සැතපුම් 60ක් පමණ තිබෙන බවද සමන්ත මහතා කීවේය.
මසුන් මැරීම සඳහා ගැඹුරු මුහුදට ගිය ධීවර යාත්‍රා අතරින් බෝට්ටු 09ක් පමණක් පෙරේදා (18) රාත්‍රී නැවත පැමිණි බවත්, ගැඹුරු මුහුදේ අතරමං ධීවර යාත්‍රා වරායකට ඇතුළු කර ගැනීම සඳහා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ජූඩ් සමන්ත – පුත්තලම
