News

සජිත් ජනපති අපේක්ෂකයා නොකළොත් තමන් ඇතුළු පිරිස ඉවත්වනවා

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් නොකළහොත් තමන් ඇතුළු පිරිසක් එජාපයෙන් ඉවත්වන බව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

එසේම රවි කරුණානායක කරු ජයසූරිය අපේක්ෂකයා ලෙස යෝජනා කලද, අවසානයේ සියලු දෙනා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව පිළිගත් බවද, සියලු දෙනා මින් ඉදිරියට සමගියෙන් කටයුතු කරන බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එකඟවූ බවද ඔහු ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.වැඩිදුරටත් සඳහන් කළේය