News

අමාත්‍ය මද්දුම බණ්ඩාරගේ හා හැරිසන්ගේ විෂය පථ මාරුවෙයි

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර ඇත.

අමාත්‍ය පී. හැරිසන් මහතා විසින් දරන ලද කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය කෘෂිකර්ම, ග‍්‍රාමිය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී ඇති අතර එම අමාත්‍යවරු දෙදෙනා වෙත නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් අද(26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.