අගමැතිට විශේෂ කාරක සභාව හමුවට කැඳවන දිනය අද දැනුම් දෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අගෝස්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට තීරණය කර ඇත.
ඒ බව අග්‍රාමාත්‍යවරයා වෙත අද දැනුම් දීමට නියමිතව ඇති බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.
එදිනටම අග්‍රාමාත්‍යවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සාක්ෂි විමසීම සඳහා කැඳවීමට තීරණය කළ බව ඔහු සඳහන් කළේය.
