News

බදියුදීන්ට එරෙහිව යලිත් විශ්වාසභංගයක් ගෙන එනවා

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට නැවත අමාත්‍ය ධුරයක් ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂය විසින් අනිවාර්යයෙන් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ඔහු මේ බව සඳහන් කළේය.

අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, එහෙත් පාස්කු ප්‍රහාරය ඇතුළු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තදින්ම විරුද්ධ බව උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.