අගමැතිගේ ප්රධානත්වයෙන් උපාධිධාරීන් 3800ට පත්වීම්
උපාධිධාරීන් 16,800කට රජයේ පත්වීම් ලබාදීමේ පළමු අදියර යටතේ 3800 දෙනෙකුට පත්වීම් ප්රදානය කිරීම අද(30)දින අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට නියමිතව ඇත.
අනෙකුත් සියලුම පත්වීම් අගෝස්තු මස 02 වන දිනවන විට ලබා දී අවසන් කරන බව අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළ අතර අද කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල තෝරාගත් සියලු උපාධිධාරීන්ට සහ කළුතර දිස්ත්රික්කයේ තෝරාගත් උපාධිධාරීන් 200 දෙනෙකුට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් පත්විම් ලබාදීමට නියමිතව ඇත.
