අධිකරණයට අපහස කලාට රන්ජන්ට එරෙහිව චෝදනා පත්‍රය ශේෂ්ඨධිකරණයෙදී භාර දෙයි
අධිකරණයට අපහස කිරීමේ 2වන චෝදනාවට අදාලව අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශේෂ්ඨධිකරණයෙදී චෝදනා පත්‍රය භාර දී ඇත.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එම චෝදනා පත්‍රය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී .බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ බාරදීම සිදුකර ඇත.
චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව රන්ජන් රාමනායක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දන්වා සිටියේ ප්‍රශ්නගත ප්‍රකාශය වගඋත්තරකරු විසින් හිතාමතා සිදුකරන ලද්දක් නොවන බවත් ඉන් අධිකරණයට යම් අපහසුවක් වී නම් ඒ සම්බන්ධයෙන් කනගාටුවක් පළ කිරීමට තම සේවාදායකයා සූදානම් බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලුවොත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත දෙසැම්බර් මස 02 වන දා කැඳවීමට නියම කර ඇත.
