News

වස්කඩුවේදී බස් රථ දෙකක් ගැටීමෙන් 6දෙනෙකු මියයයි

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇත.

එම අනතුරින් තුවාල ලැබූ 52 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු හා කුඩා දරුවෙකු සිටින අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු අනතුරින් මියොගොස් ඇත.

ඇල්පිටිය දෙස සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 5.15ට පමණ අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.