News

අනෝමාට සහ ලකීට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

අනෝමා ගමගේ මහත්මිය දිවුරුම් දෙනු ලැබුවේ, ඛණිජ තෙල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙසයි.

නගර සලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී අද දිවුරුම් දුන්නේය.

ජනාධිපති නිල නිවසේ දී මෙම දිවුරුම් දීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පසුගිය දා ධූරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශවල වැඩ බලන අමාත්‍යවරුන් ලෙස මොවුන් දෙදෙනා පත් කර තිබුණි.