දිවයිනේ නිරිත දිග කොටසේ හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ හෙට (07) සිට තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ සදහන් කරන්නේ බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, යාපනයසහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල යදිස්ත්රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.
බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක් පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
