රනිල් – සජිත් රහසිගත සාකච්ඡාවක් පවත්වයි
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
ඊයේ රාත්‍රි 9 ට පමණ අරලියගහ මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට මොවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකු සහභාගිවී නොමැති අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
