රොෂාන් ගුණතිලක සහ වසන්ත කරන්නාගොඩ ගෞරවනීය නිලයෙන් පිදුම් ලබයි
හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක සහ හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.
කුරිරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනීය නිලයන් පිරිනමා ඇත.
ඒ අනුව හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයෙන් සහ හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් යන ගෞරවනීය නිලයෙන් පිදුම් ලැබීය.

