සමෘද්ධි කළමණාකරණ ධූර පත්වීම් ලබාදීමේදී අලකලංචියක්
දයා ගමගේ ඇමැතිවරයාගේ අමාත්යාංශයෙන්පි අද (07) රිනැමීමට නියමිතව තිබූ සමෘද්ධි කළමණාකරණ ධූර පත්වීම් ලබා දීමේ අවස්ථාව නිසි ලෙස සංවිධානය කර ගැනීමට නොහැකි වූ නිසා පත්වීම් ලිපි ලබා ගැනීමට පැමිණි පිරිස දැඩි අපහසුතාවයට පත් වූහ.
ඊට පෙර දින රාත්රියේ දුරකථන ඇමතුමක් මගින් තමන්ට රජයේයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වූ බව පැමිණි සිටි පිරිස කියා සිටියහ.
පත්වීම් ලබා ගැනීමට පිරිස එතැනට පැමිණි පසු පත්වීම් ලබා දීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානම් කිරීම මෝඩයෙකුගෙ ක්රියාවක් බව කී ඇමැතිවරයා පත්වීම් ලබා දීමට ඉසුරුපාය ගොඩනැගිල්ලෙ සූදානම් කරන ලෙස ඇමැති කාර්යය මණ්ඩලයට දැනුම් දෙන ලදි.
කිසිම සූදානමක් නැතිව සිදු වෙන මෙම ක්රියාව නිසා දුර බැහැර ගම්වලින් පැමිණි පිරිස් දැඩි අපහසුතාවයට පත්වූහ.
එමෙන්ම මේ අවස්ථාව සංවිධානය කළ ඇමැති කාර්යයභාර්ය් මණ්ඩලයේ සේවය කරන නිවේදනය රඟපෑම කරන නිලධාරියෙක් ඇමැතිවරයාගෙ දැඩි දෝෂාරෝපණයටද ලක් විය.
