JMI සංවිධානයේ ක්රියාකාරීන් තිදෙනෙක් අම්පාරේදි අත්අඩංගුවට
“ජමියතුල් මිලාතු ඉබ්රාහිම්” සංවිධානයේ ක්රියාකාරීන් තිදෙනෙකු අද (07) අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ රාජ්ය බුද්ධි සේවා නිලධාරීන්ට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මොහිදීන් බාවා මොහොමඩ් රැම් හෙවත් අබු අක්රාන්, මොහොමඩ් රියාල් මොහොමඩ් සජිඩ් නොහොත් අඩු සල්මාන් සහ මොහොමඩ් රම්සින් රුෂ් දී අහමඩ් නොහොත් අඩු අල්වකාර් යන අයවේ.
මොවුන්ගෙන් අබු අක්රාන් සහ අබු සල්මාන් සහරාන් සමග නුවරඑළියේ පුහුණු කදවුරේ පුහුණුව ලබා ඇති අතර, අබු අල්වකාර් සහරාන් සමග හම්බන්තොට පුහුණු කදවුරේ පුහුණුවී ඇති බව පොලීසිය පවසයි.
