News

මාස දෙකකට වරක් ගෑස්වලටත් සූත්තරේ එයි

මාස දෙකකට වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය වන පරිදි ගෑස් සඳහා වූ මිල සූත්‍රය සකස් කර අවසන් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම මිල සූත්‍රය ලබන අඟහරුවාදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කෙරේ. 2019 වසරේ මුල් මාසයේ සිට ගෑස් සඳහා මිල සූත්‍රයක් සකස් කිරීමට තීරණය වුවද, එය සකස් කිරීම සඳහා මාස ගණනාවක් ගත විය. සෞදි අරාබියාවේ ගෑස් මිල පදනම් කර ගනිමින් මිල සූත්‍රය සකස් කර තිබේ.

මිල සූත්‍රයට අනුව ගෑස් ආනයනය කිරීමේදී මෙතෙක් ගැස් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 55 ක් පර්යන්ත ගාස්තුවක් අය කළත් එය ඩොලර් 30 දක්වා අඩුකර තිබේ. එම නිසා ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල ඉහළ යාමේ අවදානමක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලා ගෑස් සමාගම් ලිපි යොමු කර ඇතත් මිල සූත්‍රය ක්‍රියාත්මක කරනතුරු එය අත්හිටුවා තිබේ.

උදයජීව ඒකනායක