වයස අවු. 18ට වැඩි තරුණ තරුණියන් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක
වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ගේ ජන්ද බල අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් ප්රජාතන්ත්රවාදය උදෙසා තරුණයෝ එකමුතුව සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය.
මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛන අනුව පැවැත්වීමට තීරණය කර ඇති බැවින් වයස අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණ තරුණියන් ලක්ෂ තුනකට අධික ප්රමාණයකට සිය පළමු ඡන්දය දැමීමේ අවස්ථාව අහිමි වී යාමට නියමිත බව ඔවුන් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පවත්වන ලෙස ප්රජාතන්ත්රවාදය උදෙසා තරුණයෝ එකමුතුව සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතාගෙන් ඉල්ලා ඇත.
