News

ඇමති ගාමිණී අද ජනාධිපති විමර්ශන කොමිෂමට

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා මෙලෙස ඔහු කැඳවා ඇති අතර අමාත්‍යවරයා අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.

එමෙන්ම හිටපු විදුලිබල අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංජිත් සියඹලාපිටිය මහතාද අද ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිමට නියමිතය.

ඒ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා මිලදී ගැනීමේදී සහ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනිමේදී සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් ගොනු වූ පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහාය.