News

වැල්වැටිතුරෙයි යුධ හමුදා සාමාජිකයින් සමඟ ආරවුලක් ඇතිකරගත් 03ක් අත්අඩංගුවට

යාපනය,වැල්වැටිතුරෙයි,ඌරික්කාඩු ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක් අසළ ආපන ශාලාවක් වෙත පැමිණ ආරවුලක් ඇති කරගත් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(17) අත්අඩංගුවට ගත් බව යාපනය වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ යුධ හමුදා කඳවුර අසළ ආපනශාලවක් වෙත පැමිණ එහිදි යුධ හමුදා සාමාජිකයින් සමඟ ආරවුලක් ඇතිකරගත් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වන තරුණයින් තිදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ සැකකරුවන් යුධ හමුදා සාමාජිකයින් සමඟ ආරවුලක් ඇතිකරගෙන ඊට ආසන්න ගම්මානයක තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙත පහරදි තුවාල සිදුකොට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු‍කළ බවද පොලිසිය පැවසීය.
සැකකරුවන් යාපනය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී සැකකරුවන් එළැඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද පොලිසිය පැවසීය.

සැකකරුවන්ට එරෙහිව මීට පෙරද පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් නඩු විභාගයක් පවතින බවට පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව- මාධව කුලසූරිය