ගෝඨාභය රාජපක්ෂ දෙවිනුවර ශ‍්‍රී විශ්නු දේවාලයට
ජනාධිපතිධූර අපේක්ෂක වශයෙන් නම් කිරීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරම්භකල විජයග‍්‍රහණයේ චාරිකාව අද මැදමුලනෙන් ආරම්භ කරනු ලැබීය. ඒ මහතා පිලිගැනීම සදහා ඊයේ (17) දහවල් දෙවිනුවර ශ‍්‍රී විශ්නු දේවාලය අසල පිලිගැනීමේ උත්සවයක් සංවිධානය කොට තිබූණි. එම පිලිගැනීමේ උත්සවයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්නු දේවාලයේ ආගමික වතාවත් වලටද සහභාගී විය.
එහිදී ඒ මහතා පිළිගැනීම සඳහා විශාල ජනකායක් එක්ව සිටි අතර එම අවස්ථාවට චමල් රාජපක්ෂ , ඩලස් අලහප්පෙරුම , මහින්ද යාපා අබේවර්ධන , පවිත්‍රා වන්නිආරච්චි , නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතු`ඵ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද එක්ව සිටියහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ති‍්‍රවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට මුල් තැන දෙමින් අනුරාධපුරයේ ආගමික වතාවත්වල නියැලීමෙන් අනතුරුව මහනුවරට පැමිණ ආගමික වතාවත්වල නියැලිනි. ඊයේ (16) කතරගම පූජාභූමියේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව අද (17) තම මුල් ගම වන මැදමුලනට පැමිණියේය.



