News

ත්‍රිරෝද රථයක් ඇල්ලේ ප්‍රපාතයකට පෙරලීමෙන් දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

ඇල්ල, ගඹරගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රීයේ (17) බල්ලකෙටුව දෙස සිට පිටපොල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මීටර් 350 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියැදුරු සහ ඔහුගේ දරුවන් තිදෙනා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මිය ගොස් ඇති අතර මියගොස් ඇත්තේ 35 හැවිරිදි පියා සහ සෙල්වරාජ් කවිෂාන් නැමති 08 හැවිරිදි දරුවෙකි.

ඔවුන් හෙලපුපුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.තිරෝද රථ අනතුරින් බරපතළ තුවාල ලැබූ අවුරුදු 12 ක් අවුරුදු 08 ක් වයසැති දරුවන් දෙදෙනා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.