එජාප හෝමාගම ප්‍රධාන සංවිධායකධුරය තරුණ සේවා සභාවේ සභාපති එරන්දට
ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කිරීමේ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (18) දින අරලියගහ මන්දිරයේදී ලබා දී ඇත.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගිවී සිටියහ.


