රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද සිට මාධ්‍යයට විවෘත කෙරේ
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද සිට ජනමාධ්‍යයට විවෘත බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කාරක සභාව රැස්වීමට නියමිතව ඇත.
කථානායක කරූ ජයසූරිය,පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුලු පිරිසක් එහි ආරම්භක අවස්ථාවට එක්වීමට නියමිතව ඇත.
රජයේ ගිණුම් කාරක සභාව 1923 වසරේ පළමු වරට ආරම්භ වී ඇත.
ඒ අනුව වසර 96 කට පසුවයි මෙලෙස පළමුවරට මාධ්‍යයට විවෘත වන අතර අද දින කාරක සභාවේදී රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය සොයාබැලීම සහ 2015, 2016 වර්ෂවල ගිණුම් කටයුතු පරීක්ෂාව සිදුවෙයි.
