News

කළුතර ප්‍රදේශ රැසකට ඉදිරි සති 3 තුළ ජල සැපයුමට බාධා

ඉදිරි සති 3 තුළ කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සහ අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, බේරුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල විය හැකියි.