සජිත් හා සම්බන්ධන් මංගලගේ නිවසේදී හමුවෙයි
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා ඇත.
මෙම හමුවට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහය දක්වන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක්ද එක්වී ඇති අතර එය ඊයේ (21) රාත්‍රියේ අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේදී පවත්වා ඇත.
මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බව වාර්තා වෙයි.
