නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සන්ධානගතවීමේ සාකච්ඡාවට නව සාමාජිකයින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා පැවැත්වීමට පත් කළ කණ්ඩායම් සඳහා නව සාමාජිකයින් පත් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමට තමන් ද පත් කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන අතර පොදුජන පෙරමුණේ සාකච්ඡා කණ්ඩායමේ නායකත්වයට එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පත් කර ඇත.
එම කණ්ඩායම් සෙසු සාමාජිකයින් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම හා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ය.
ලබන අඟහරුවාදා දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.
