News

දරුවන් දෙදෙනාට වසදී පුත්තලම උඩුප්පුවේ පියෙක් ගෙල වැළලාගනී

උඩුප්පුව පල්ලිවාසල්පාඩුව කොත්තන්තිව් ප්‍රදේශයේදී එකම පවුලේ පියා හා පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් අද (25) උදෑසන 10ට පමණ තොරතුරක් ලැබූ බවයි.

ඒ අනුව සිදුකළ විමර්ශන වලදී පියා ගෙල වැළලාගෙන මියගොස් සිටි අතර, ඔහුගේ පුතුන් දෙ‌දෙනා වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මෙලෙස මියගියේ වයස අවුරුදු 31ක් වූ පියෙකු සහ වයස අවුරුදු 13ක් 07ක් වන පුතුන් දෙදෙනෙකු බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.