News

පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් නාවික හමුදාව සොයාගනී

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි දිය ය‍ට සඟවා තිබූ වැලි සමඟ මිශ්‍රිත පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන කිලෝග්‍රෑම් 15 ක බරකින් යුත් පාර්සලයක් මෙලෙස සොයාගෙන ඇත.

පසුව එම පාර්සලය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය වෙත භාර දෙන ලදි.

ප‍්‍රබල එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයකුව සිටි කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය හා ආරක්‍ෂක අංශ සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ලැබුනු ‌තොරතුරකට අනුව මෙම විමර්ශන කටයුත්ත සිදුකරනු ලැබුවේය.