News

තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු අත්අඩංගුවට

තහනම් සංවිධානයක් වන තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අළුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාවට ආධාර අනුබලදීම යටතේ හා අන්තවාදී මුස්ලිම් සංවිධානයට ශ්‍රී ලංකාව තුළ නැවත ත්‍රස්තවාදය ඇති කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ආධාර අනුබලදීම යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.