News

සැප්තැම්බර් 10 සිට සරසවි ඇඳුරන් වැඩවර්ජනයකට සැරසෙයි

සිය වැටුප් සම්බන්ධයෙන් සාධණීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් සැප්තැම්බර් මස 10 වන දින සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

2016 ආණ්ඩුව පත්වූ පසු සියලුම රජයේ සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩිකරන බවට පොරන්දු වූ බවත් එය තවමත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලැබී නොමැති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළ අතර අනෙක් රජයේ සේවයින් සමඟ සමඟ සසදන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැඩි කර ඇති වැටුප් ප්‍රමාණය 92%ක් බව එම සංගමයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.