පවතින වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – කාලගුණ දෙපාර්තමේන්තුව
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් හෙට (28) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අද පස්වරු 2.00න් පසු බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
